Blog

SSW පදිංචිය පිළිබඳ තත්වය යනු කුමක්ද?

සාමාන්‍ය රීතියක් ලෙස, ජපානයට ඇතුළු වීමට අදහස් කරන විදේශිකයන් හට, විදේශ රටක ඇති ජපන් තානාපති කාර්යාලයක් (විදේශ කටයුතු අමාත්‍යාංශය) මගින් වීසා බලපත්‍රයක් නිකුත් කළ යුතුය. කෙසේ වෙතත්, හුදෙක් වීසා බලපත්‍රයක් තිබු පමණින්ම ජපානයට ඇතුළු වීම සහතික නොකෙරේ. ඔබ ජපානයට පැමිණෙන විට, අධිකරණ අමාත්‍යාංශයේ ආගමන සේවා ඒජන්සිය විසින් ගුවන්තොටුපල ආදියේ දී ඔබව අදාළ පරීක්ෂණවලට භාජනය කරනු ලැබේ, එබැවින් ඔබ ජපානයේ දී කිරීමට අදහස් කරන ක්‍රියාකාරකමට අනුකූල වන, පදිංචිය පිළිබඳ තත්වයක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වනු ඇත. මේ අනුව, "වීසා" සහ "පදිංචිය පිළිබඳ තත්වය" යනු වෙනත් ආයතනවල පාලනය යටතේ පවතින වෙනමම ක්‍රියා පටිපාටි වේ. මෙම පිටුවේ ඉදිරිපත් කර ඇති SSW ක්‍රමවේදය යනු අලුතින් ස්ථාපිත කර ඇති පදිංචිය පිළිබඳ තත්වයකි.

You May Also Like